Tuesday, December 13, 2016

ඉඳුවරී

                                             "ඉන්දියේ......දොර ඇරපං.....දොර ඇරපං බං.  යකෝ  උඹ කොහේ මක බෑ වුණා ද?


                                      ජයන්ත  බෙරිහන්  දුන්නේ  තම  ශරීරයේ  ඉතිරිව  පවත්නා  ශක්තියෙන්  සම්පූර්ණ  වෙර              යොදා  ලෑලි දොරට  තඩිබාන  ගමන් ය.

                                              දඩ: ...............දඩා........ස්..

                                           මුලුතැන්ගෙයි  සිට  අඩියට  දෙකට  පැමිණි  ඉන්දි  දොර  විවෘත  කරන  විට  ජයන්ත  පෙරේතයා  පොළවෙ  ගැසුවාක් මෙන්  සිමෙන්ති  පොළව  මත  මුණින්  ඇද  වැටුණි.ඉන්දි  වහා  ඉදිරියට  පැන  ඔහුව  අල්ලා  ගැනීමට  තැත්  කළා ය.

                                             "  අපි  බිව්වත්  කොන්ද  කෙළින්  තියාගෙන  ඉන්නවා."



                                   ඇයගේ  දෑත්  ගසා  දමමින්  ජයන්ත  පැවසුවේ  සුදු  පෙන  පිඬුවන්  කෙළ  දෙකෙළවරෙහි      රැඳුණු  මුව  විවර  කරමිනි. තවමත්  කපරාරු  නොකළ  බිත්ති  දෙසත්  ඉටිකොළ  ගසා  ආවරණය  කළ  ජනෙල්  පලුව  දෙසත්  නිලංකාර  වූ  දෑස්  කරකවමින්  බැලූ  ඔහු  මහත්  ආයාසයකින්  බිත්තියට  වාරු  දී  නැගී  සිට  අසල  තිබූ  වැල්  පුටුව   මතට  ඇද  වැටුණි.

                                කුකුළා  අතින්  ගෙන  නිවසින්  පිටත්වන  ජයන්ත  හවසට  පැමිණෙන්නේ  කට  ගොන්නක්  බීගෙන  බමර  වෙසින්  ය. පාන්දරින් ම  නිවසින්  පිටත්වන  තම  සැමියා  සවස්  යාමය  වනතුරු  කුමක්  කරන්නේ ද  යන්න  පිළිබඳ  ඉන්දි  කිසිවක්  නොදනී.


 ලබන සතියේ තවත් පිටුවකින් හමුවෙමු.

1 comment:

  1. Lassana kathawak idiriyata liyawi kiyala hithanawa.. digatama liyanna.

    ReplyDelete