Thursday, December 22, 2016
ඒ පිළිබද තම සැමියාගෙන් විමසුව ද නිශ්චිත පිළිතුරක් නොදෙන අතර ඇය ඒ පිළිබද දිගටම අසන්නට වුවහොත් සිදුවන්නේ ප්රහාරයන්ට ලක් වීමයි. ඇය දන්නා එකම කරුණ වන්නේ ඇදිරි වැටීගෙන එන විට මත් වූ මිතුරන්ගේ ද සහය ඇතිව තම සැමියා නිවසට ගොඩ වදින බවයි.
" අනේ ජයේ......ඔයාට එක දවසක් බැරි ද හොද සිහියෙන් ගෙදරට එන්න.
හැමදාම රෑ වෙන කොට ලොකු පුතා ඉන්නෙ පිච්චි පිච්චි.ඔයාට නම් පව් සිද්ද වෙනවා මෙහෙම පොඩි එව්න්ට ගින්දර දෙනවට."
" චෑ..........චෑ.........චෑ.........පව් පිං ගැන මං බලා ගන්නම්.ආව
මෙතන පව් පිං ගැන කතා කරන්න.පව් නොදී ගිහින් බත් ටිකක්
බෙදාගෙන වරෙන්. "
ඉන්දි හූල්ලමින් මුලුතැන්ගෙට ගොස් බුර බුරා නැගෙන ගිනි දැල් මැදි කොට ගත් කොහාල වෑංජනය සහිත ඇතිලිය දරණුව මත තැබුවා ය.
ලබන සතියේ හමුවෙමු.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment