Monday, January 2, 2017

                  " තනිවයි උපන්නේ ..............   තනිවයි මැරෙන්නේ ..................
                    මේ ඩිංගෙදී ඇයි කෝළං නටන්නේ.............  කෝළං නටන්නේ........"

                  තම සැමියා නොනවත්වාම පවසන ගීතයට සවන් යොමු කරමින්ම රොස් වූ වෑංජනය සහිත බත් පිඟානක්  බෙදාගෙන ගොස් පුටුව මත වැටී සිටි තම සැමියාට පෑවාය.

                 " තුහ් ... නොදකිං.මේවා මනුස්සයකුට තියා බල්ලෙකුටවත් කටේ තියන්න පුළුවන් ද?
                     ඈ...බං ගෑනියෙ.උඹට බැරිද කටට රහට කන්න කටක් උයල තියන්න "

                        ජයන්ත පැවසුවේ දත් විලිස්සා යක්ෂයකු පරිද්දෙනි.

                  "හ්ම්.....කටට  රහට ....කටට රහට  උයලා දෙන්න තිබුණා
                      කරපිංචා නට්ටක්වත්   ගෙදර තිබුණා නම්"

                  "ඇයි  දෙයියනේ මං කියලා මොනවා කරන්න ද?.....
                     රෑ වෙනකොට කට ගොන්නක් බීගෙන ඇවිත් මෙතන වලි කනවා."

                     ඉන්දි තම දෑසින් වැටෙන කඳුළු කැට තම දුර්වර්ණ වී ගිය ගවුමෙහි අතින් පිස දමමින් කාමරය වෙත දිව ගියේ තම වසරක් පිරි බිළිඳාගේ නොනැවැත්වූ හැඬීම නිසා ය.

No comments:

Post a Comment