Sunday, January 15, 2017
දහවල් ආහාරය සදහා සකස් කිරීමට නිවස තුළ තිබුණේ වට්ටක්කා කෑල්ලක් පමණි.ඇය වහා බතක් හා වට්ටක්කා වෑංජනයක් පිළියෙල කර තම ඇගෙහි දැවටෙමින් සිටි ලොකු පුතා සඳරුට බත් පතක් බෙදා දී පුටුවක වාඩිකරවා තැබීය.තම අත දරුවා තවමත් සුව නින්දේ පසුවන බැවින් ඇය රාත්‍රී ආහාරය පිසූ වළං පිඟන් සෝදන්නට නිවසට එපිටින් තිබූ කරාමය අසලට ගියා ය.
සූර්යයා විලිස්සමින් තිබූ සිය දත් පෙළ එකෙනෙහිම සඟවා ගත්තේ ය.අඳුරු වලාවන් රුදුරු වූ සූර්යයා වසා ගත්තේ ඉන්දිට සෙවනක් ලබා දීමට ය.වැහි බිඳු එකිනෙක බිම පතිත වූයේ ඇයගේ ගතට සිසිලක් ලබා දීමට ය.පැය තුන හතරක් මුළුල්ලේ ඇද හැලෙන මුරුගසන් වරුසාව දෙස සඳරු බලා සිටියේ කිසිදු හැඟීමකින් තොරව ය.ඔහුගේ බත්පත ද සීතල වී තිබූ අතර පැය තුන හතර පුරාවට එකදු බත් කටක් හෝ කෑ බවට කිසිදු සලකුණක් නොවී ය.
"සරණපාල මාමේ........ඉන්දි අක්කා ටැප් එක ළඟ වැටිලා ඉන්නවා.සිහියත් නෑ.
මං හිතන්නේ වැස්ස වහින්නත් කලින් වැටිලා තියෙන්නේ..."
රජිත කෑගසමින් සරණපාලගේ නිවසට පැමිණියේ ය.සරණපාලත්, රජිතත්,කුසුමලතාත් ඉක්මනින් ම ඇය ව රෝහල වෙත රැගෙන ගියහ.ඒ වන විට ජයන්ත ද මෙම පුවත ආරංචි වී රෝහල වෙත දිව ගියේ උන්මත්තකයකු පරිද්දෙනි.
වෛද්‍යවරයා ඇයව පරීක්ෂාකර බලා සිය හිස පහත් කර ගත්තේ ය.
"ජයන්තයා දැන් බොරුවට හැපි හැපී අඬනවා.ඕකා ගහපු පාරක් වැරදිලා තමයි
මේ අහිංසකී මැරුණේ."
ඉන්දිගේ අවසන් හුස්ම පොද වාතලයට මුසුවෙද්දී රැස්ව සිටි පිරිසගේ දෙනෙත් කඳුඝින් බරවිය.
Subscribe to:
Post Comments (Atom)
api digatama kathawa kiyeuwa.harima duka hithena kathawak.. iwasimak nathiwa matha wathura aran ena thathala inna godak pauwala sidda wena kedawachakayak thamai.
ReplyDeleteඒක නම් ඇත්ත.මිනිස්සුන්ගේ ආකල්පමය වෙනසක් ඇති කරන්න පුළුවන් නම් තමයි හොඳ.
Delete