Monday, January 2, 2017

       "  අර ළඟදි හම්බවුණ ළමයා කට්ටඩියගෙ කියලනේ ජයන්ත ඒකිට ගහනවා කියන්නේ."

             මෙසේ විවිධාකාරයෙන් කටකතා ගමපුරා පැතිර යද්දී ඉන්දිගේ අසනීප තත්ත්වය වඩ  වඩාත් උග්‍ර වන්නට විය.කල් ගත වන විට ඇයගේ සිහිය විකල් වන්නට පටන් ගත්තේ ය.

                 " දන්නවද අක්කේ,අර එහා ගෙදර කකිතා තරම් ගිනි බෝම්බයක් තවත් මේ ගමේ නෑ."

                  "සරණපාලයා මගේ මිනිහට බොන්න දීලා ඒ මිනිහව නැති කරලා දැම්මා.ඕකාට හොඳක් නම්                           වෙන්න එපා දෙවියනේ."
                     ඉන්දි හිටි හැටියෙම සිහිය විකල් වීම හේතුවන් නිරනිතර ඇයගේ උදව් පදව්වට සිටි අයට බැන වැදීමට පටන් ගත්තාය.

                                        *                *              *

                      "ඩෙන්න...............ඩෙනා ..................ඩෙනෝ......."

                                     ජයන්ත ලහි ලහියේ ම තොවිලයක් සූදානම් කළේ තම බිරිඳට යක්ෂයකු ආවේශ වී ඇතැයි සිතමිනි.ඉන්දි සිමෙන්ති පොළව මත එළන ලද පැදුරෙහි වැතිරී සිටි අතර අසල්වාසීහු ඇයව වටකරගෙන සිටියහ.

                         " අනේ මාමේ ඕවා කරලා වැඩක් නෑ.මම මැරෙන්න යන්නේ."

                         ඉන්දි ගුරුන්නාන්සේ මාමාට පැවසුවේ සිහඑින් කෙඳිරිලිලක් ද සමගිනි.

                            "අනේ ජයේ....මගෙ දරු පැටව් දෙන්නා හොඳට බලාගන්න."

                         ඉන්දි ජයන්ත දෙස බලා පැවසුවාය.මේ වන විට ජයන්තගේ ඉහ මොළ රත් වෙමින් තිබුණි.

                          ඉන්දි විටෙක අසල්වාසීන්ට බැන අඬගහන්නටත් විටෙක ඔවුන්ගේ හොඳ පැවසීමටත් පටන් ගත්තා ය.සියල්ලන්ගේම දෑස් යොමු ව තිබුණේ ඉන්දි වෙතට ය.ඇතැම්හු මුව අයාගෙන සිදුවන සියල්ල දෙස අවධානයෙන් පසු වූහ.

                              තොවිලයෙන් පසු සම්පූර්ණ සුවය නොලද වුව ද තම නිවසේ හා දරු දෙදෙනාගේ සියලු කටයුතු කිරීමට තරම් ඇයට සුවයක් තිබිණි

                                මෙලෙස සත් දිනක් ඉක්මවන දින ඉරිදා දිනක් විය.ඇය සුපුරුදු පරිදි නිවස පිරිසිදු කර දමා ලහි ලහියේ තම දරුවන්ගේ දහවල් ආහාරය සූදානම් කළාය.

No comments:

Post a Comment