Tuesday, January 17, 2017

            ගීතය යනු..........

                    සිංහල භාෂා ව්‍යවහාරය තුළ ගී, ගීත,ගීතිකා ආදි වචන දක්නට ලැබුණ ද වත්මන් භාවිතය තුළ ප්‍රචලිත වී ඇත්තේ ගීතය යන්නයි.ගීතය යන වචනය ඉංග්‍රීසි බසින් ගීතය නම් වන අතර දමිළ බසින් 'පාට්ටු 'නම් වේ. 
                        ගීතය යනු කුමක් ද යන්න විවිධ අර්ථකථන රාශියක් දක්නට ඇත.

                           "ගායනය කළ හැකි පද්‍ය නිබන්ධය .වාදනය රහිතව හෝ රහිතව  ගායනා කිරීම සඳහා 
                              රචිත පද්‍ය නිබන්ධය"  
                                                                                             - සිංහල සාහිත්‍ය ශබ්ද කෝෂය-

                           "නූතන ව්‍යවහාරයේ ගීත යන්නෙන් අදහස් වනුයේ වාදනයත් සමඟ ගායනය කිරීම සඳහා 
                               නිබන්ධිත ඕනෑම කලා නිර්මාණයකි"
                                                                                            -ඒ.වී.සුරවිර(සාහිත්‍ය විචාර ප්‍රදීපිකාව)

                                 මෙලෙස අර්ථකථන වූ ගීතය අන් කලා මාධ්‍යයන් අතුරින් ඥාතීත්වයක් දක්වනු ලබන්නේ කවියටයි.එයට හේතුව වන්නේ ගීතයක් නිර්මාණය වීම සඳහා සෑමවිටම කාව්‍යාත්මක රචනයක් යොදා ගැනීමයි.ගීතය හා කාව්‍ය අතර පවතින වෙනස්කම් රැසකි.
                                     කවිය යනු ඒක පුද්ගල කලා මාධ්‍යයකි.මෙය ඇසට හා බුද්ධියට ගොචර වන අතර භාෂා භාවිතයට සීමා නැත.කවියෙහි ආකෘති හා විරිත් සැසඳ‍ෙනුයේ වචන පාදක කොට ගෙනය. නමුදු ගීතය යනු සාමූහික කලා මාධ්‍යයකි.කනට හා බුද්ධියට ගෝචර වන අතර ගීතයෙහි භාෂාව සුගේය විය යුතුය.මෙහි ආකෘති හා විරිත් සැසඳෙනුයේ වචන හා සංගීතය පාදකකොට ගනිමිනි.
                                    දේශිය සාහිත්‍ය විෂයෙහි නාඩගම් යුගය ඇරඹීමත් සමඟම සංගීත නිර්මාණයන්හි දායකත්වය ගීතය සමඟ ඓන්ද්‍රිය ව බද්ධ වන්නට විය.පෙරපර දෙදිග සංගීතයන්හි සම්මිශ්‍රණය වීමත් සමඟම ගීත කලාවකට මං සෑදෙන්නට විය.මෙලෙස දහ අටවන සියවසේ නාඩගම බිහිවිමේ පටන් අද දක්වා විවිධ අදියර ගණනාවක් සමතික්‍රමණය කරමින් ගීතය බොහෝ දුරක් පැමිණ තිබේ.

                              නාඩගම් ගී යුගය,නූර්ති ගී යුගය,ටීටර් යුගය,බයිලා,කැරොල්,පසන්,කන්තාරු,ග්‍රැමෆෝන් ගි යුගය,ගුවන් විදුලි ගී,චිත්‍රපට ගි,වේදිකා නාට්‍ය ගී,කැසට්පට ගී,ප්‍රසංග ගී,සංයුක්ත තැටි ගී දක්වා යුග ගණනාවක් පසු කරමින් පැමීණ තිබේ. 
                            මෙලෙස විවිධ ශෛලීන් අනුව ද ගීතයේ පියවර පෘථුල වී ඇත.සරල ගීත,කපිරිඤ්ඤා බයිලා ගීත,භාෂා මිශ්‍රිත ගීත,තනුවට ලියූ ගීත,රැප් ගීත වැනි නව්‍ය ගීතයන් දඇසුරින් ගීතයේ විකාශනය සිදු වූ අයුරු පැහැදිලි වේ.
                                මෙලෙස ආරම්භ වූ ගීත කලාව ඇසුරෙන් තෝරාගන්නා ලද ගීත පහක් පිළිබඳ රසවින්දනයට යොමු කර බලමු.



4 comments:

  1. wtina lipiyak..geethaya gana hadarana ayta udauwak wena lipi pala kirimata sthuthi.

    ReplyDelete
  2. මේ⁣ ලිපියේ ඉතුරැ කොටස දාන්න පුළුවන් ද?

    ReplyDelete
  3. මේ ලිපියේ ඉතුරැ කොටස දාන්න පුළුවන් ද?

    ReplyDelete
  4. Thawa hoda wada apita laba denda

    ReplyDelete