Friday, January 20, 2017

760mph trains

760mph trains

This could seriously speed up your commute (Hyperloop)
This could seriously speed up your commute (Hyperloop)
Hate commuting? Imagine, instead, your train carriage hurtling down a tunnel at the same speed as a commercial jet airliner. That’s the dream of PayPal, Tesla and SpaceX founder Elon Musk. His Hyperloop system would see ‘train’ passengers travel at up to 760mph through a vacuum tube, propelled by compressed air and induction motors. A site has been chosen with the goal of starting test runs in two years. Once built, the loop will ferry passengers between San Francisco and LA in 35 minutes, compared to 7.5 hours by train.

Google Glass

Google Glass

Augmented Reality has already gotten into our life in the forms of simulated experiment and education app, but Google is taking it several steps higher with Google Glass. Theoretically, with Google Glass, you are able to view social media feeds, text, Google Maps, as well as navigate with GPS and take photos. You will also get the latest updates while you are on the ground.
(Image Source: YouTube)
It’s truly what we called vision, and it’s absolutely possible given the fact that the Google’s co-founder, Sergey Brin has demo’ed the glass with skydivers and creatives. Currently the device is only available to some developers with the price tag of $1500, but expect other tech companies trying it out and building an affordable consumer version.

Tuesday, January 17, 2017

            ගීතය යනු..........

                    සිංහල භාෂා ව්‍යවහාරය තුළ ගී, ගීත,ගීතිකා ආදි වචන දක්නට ලැබුණ ද වත්මන් භාවිතය තුළ ප්‍රචලිත වී ඇත්තේ ගීතය යන්නයි.ගීතය යන වචනය ඉංග්‍රීසි බසින් ගීතය නම් වන අතර දමිළ බසින් 'පාට්ටු 'නම් වේ. 
                        ගීතය යනු කුමක් ද යන්න විවිධ අර්ථකථන රාශියක් දක්නට ඇත.

                           "ගායනය කළ හැකි පද්‍ය නිබන්ධය .වාදනය රහිතව හෝ රහිතව  ගායනා කිරීම සඳහා 
                              රචිත පද්‍ය නිබන්ධය"  
                                                                                             - සිංහල සාහිත්‍ය ශබ්ද කෝෂය-

                           "නූතන ව්‍යවහාරයේ ගීත යන්නෙන් අදහස් වනුයේ වාදනයත් සමඟ ගායනය කිරීම සඳහා 
                               නිබන්ධිත ඕනෑම කලා නිර්මාණයකි"
                                                                                            -ඒ.වී.සුරවිර(සාහිත්‍ය විචාර ප්‍රදීපිකාව)

                                 මෙලෙස අර්ථකථන වූ ගීතය අන් කලා මාධ්‍යයන් අතුරින් ඥාතීත්වයක් දක්වනු ලබන්නේ කවියටයි.එයට හේතුව වන්නේ ගීතයක් නිර්මාණය වීම සඳහා සෑමවිටම කාව්‍යාත්මක රචනයක් යොදා ගැනීමයි.ගීතය හා කාව්‍ය අතර පවතින වෙනස්කම් රැසකි.
                                     කවිය යනු ඒක පුද්ගල කලා මාධ්‍යයකි.මෙය ඇසට හා බුද්ධියට ගොචර වන අතර භාෂා භාවිතයට සීමා නැත.කවියෙහි ආකෘති හා විරිත් සැසඳ‍ෙනුයේ වචන පාදක කොට ගෙනය. නමුදු ගීතය යනු සාමූහික කලා මාධ්‍යයකි.කනට හා බුද්ධියට ගෝචර වන අතර ගීතයෙහි භාෂාව සුගේය විය යුතුය.මෙහි ආකෘති හා විරිත් සැසඳෙනුයේ වචන හා සංගීතය පාදකකොට ගනිමිනි.
                                    දේශිය සාහිත්‍ය විෂයෙහි නාඩගම් යුගය ඇරඹීමත් සමඟම සංගීත නිර්මාණයන්හි දායකත්වය ගීතය සමඟ ඓන්ද්‍රිය ව බද්ධ වන්නට විය.පෙරපර දෙදිග සංගීතයන්හි සම්මිශ්‍රණය වීමත් සමඟම ගීත කලාවකට මං සෑදෙන්නට විය.මෙලෙස දහ අටවන සියවසේ නාඩගම බිහිවිමේ පටන් අද දක්වා විවිධ අදියර ගණනාවක් සමතික්‍රමණය කරමින් ගීතය බොහෝ දුරක් පැමිණ තිබේ.

                              නාඩගම් ගී යුගය,නූර්ති ගී යුගය,ටීටර් යුගය,බයිලා,කැරොල්,පසන්,කන්තාරු,ග්‍රැමෆෝන් ගි යුගය,ගුවන් විදුලි ගී,චිත්‍රපට ගි,වේදිකා නාට්‍ය ගී,කැසට්පට ගී,ප්‍රසංග ගී,සංයුක්ත තැටි ගී දක්වා යුග ගණනාවක් පසු කරමින් පැමීණ තිබේ. 
                            මෙලෙස විවිධ ශෛලීන් අනුව ද ගීතයේ පියවර පෘථුල වී ඇත.සරල ගීත,කපිරිඤ්ඤා බයිලා ගීත,භාෂා මිශ්‍රිත ගීත,තනුවට ලියූ ගීත,රැප් ගීත වැනි නව්‍ය ගීතයන් දඇසුරින් ගීතයේ විකාශනය සිදු වූ අයුරු පැහැදිලි වේ.
                                මෙලෙස ආරම්භ වූ ගීත කලාව ඇසුරෙන් තෝරාගන්නා ලද ගීත පහක් පිළිබඳ රසවින්දනයට යොමු කර බලමු.



Sunday, January 15, 2017


                                  දහවල් ආහාරය සදහා සකස් කිරීමට නිවස තුළ තිබුණේ වට්ටක්කා කෑල්ලක් පමණි.ඇය වහා බතක් හා වට්ටක්කා වෑංජනයක් පිළියෙල කර තම ඇ‍ගෙහි දැවටෙමින් සිටි ලොකු පුතා සඳරුට බත් පතක් බෙදා දී පුටුවක වාඩිකරවා තැබීය.තම අත දරුවා තවමත් සුව නින්දේ පසුවන බැවින් ඇය රාත්‍රී ආහාරය පිසූ වළං පිඟන් සෝදන්නට නිවසට එපිටින් තිබූ කරාමය අසලට ගියා ය.

                                    සූර්යයා විලිස්සමින් තිබූ සිය දත් පෙළ එකෙනෙහිම සඟවා ගත්තේ ය.අඳුරු වලාවන් රුදුරු වූ සූර්යයා වසා ගත්තේ ඉන්දිට සෙවනක් ලබා දීමට ය.වැහි බිඳු එකිනෙක බිම පතිත වූයේ ඇයගේ ගතට සිසිලක් ලබා දීමට ය.පැය තුන හතරක් මුළුල්ලේ ඇද හැලෙන මුරුගසන් වරුසාව දෙස සඳරු බලා සිටියේ කිසිදු හැඟීමකින් තොරව ය.ඔහුගේ බත්පත ද සීතල වී තිබූ අතර පැය තුන හතර පුරාවට එකදු බත් කටක් හෝ කෑ බවට කිසිදු සලකුණක් නොවී ය.

                   "සරණපාල මාමේ........ඉන්දි අක්කා ටැප් එක ළඟ වැටිලා ඉන්නවා.සිහියත් නෑ.
                       මං හිතන්නේ         වැස්ස වහින්නත් කලින් වැටිලා තියෙන්නේ..."

                      රජිත කෑගසමින් සරණපාලගේ නිවසට පැමිණියේ ය.සරණපාලත්, රජිතත්,කුසුමලතාත් ඉක්මනින් ම ඇය ව රෝහල වෙත රැගෙන ගියහ.ඒ වන විට ජයන්ත ද මෙම පුවත ආරංචි වී රෝහල වෙත දිව ගියේ උන්මත්තකයකු පරිද්දෙනි.

             වෛද්‍යවරයා ඇයව පරීක්ෂාකර බලා සිය හිස පහත් කර ගත්තේ ය.

                         "ජයන්තයා දැන් බොරුවට හැපි හැපී අඬනවා.ඕකා ගහපු පාරක් වැරදිලා තමයි
                              මේ අහිංසකී මැරුණේ."

             ඉන්දිගේ අවසන් හුස්ම පොද වාතලයට මුසුවෙද්දී රැස්ව සිටි පිරිසගේ දෙනෙත් කඳුඝින් බරවිය.

Monday, January 2, 2017

       "  අර ළඟදි හම්බවුණ ළමයා කට්ටඩියගෙ කියලනේ ජයන්ත ඒකිට ගහනවා කියන්නේ."

             මෙසේ විවිධාකාරයෙන් කටකතා ගමපුරා පැතිර යද්දී ඉන්දිගේ අසනීප තත්ත්වය වඩ  වඩාත් උග්‍ර වන්නට විය.කල් ගත වන විට ඇයගේ සිහිය විකල් වන්නට පටන් ගත්තේ ය.

                 " දන්නවද අක්කේ,අර එහා ගෙදර කකිතා තරම් ගිනි බෝම්බයක් තවත් මේ ගමේ නෑ."

                  "සරණපාලයා මගේ මිනිහට බොන්න දීලා ඒ මිනිහව නැති කරලා දැම්මා.ඕකාට හොඳක් නම්                           වෙන්න එපා දෙවියනේ."
                     ඉන්දි හිටි හැටියෙම සිහිය විකල් වීම හේතුවන් නිරනිතර ඇයගේ උදව් පදව්වට සිටි අයට බැන වැදීමට පටන් ගත්තාය.

                                        *                *              *

                      "ඩෙන්න...............ඩෙනා ..................ඩෙනෝ......."

                                     ජයන්ත ලහි ලහියේ ම තොවිලයක් සූදානම් කළේ තම බිරිඳට යක්ෂයකු ආවේශ වී ඇතැයි සිතමිනි.ඉන්දි සිමෙන්ති පොළව මත එළන ලද පැදුරෙහි වැතිරී සිටි අතර අසල්වාසීහු ඇයව වටකරගෙන සිටියහ.

                         " අනේ මාමේ ඕවා කරලා වැඩක් නෑ.මම මැරෙන්න යන්නේ."

                         ඉන්දි ගුරුන්නාන්සේ මාමාට පැවසුවේ සිහඑින් කෙඳිරිලිලක් ද සමගිනි.

                            "අනේ ජයේ....මගෙ දරු පැටව් දෙන්නා හොඳට බලාගන්න."

                         ඉන්දි ජයන්ත දෙස බලා පැවසුවාය.මේ වන විට ජයන්තගේ ඉහ මොළ රත් වෙමින් තිබුණි.

                          ඉන්දි විටෙක අසල්වාසීන්ට බැන අඬගහන්නටත් විටෙක ඔවුන්ගේ හොඳ පැවසීමටත් පටන් ගත්තා ය.සියල්ලන්ගේම දෑස් යොමු ව තිබුණේ ඉන්දි වෙතට ය.ඇතැම්හු මුව අයාගෙන සිදුවන සියල්ල දෙස අවධානයෙන් පසු වූහ.

                              තොවිලයෙන් පසු සම්පූර්ණ සුවය නොලද වුව ද තම නිවසේ හා දරු දෙදෙනාගේ සියලු කටයුතු කිරීමට තරම් ඇයට සුවයක් තිබිණි

                                මෙලෙස සත් දිනක් ඉක්මවන දින ඉරිදා දිනක් විය.ඇය සුපුරුදු පරිදි නිවස පිරිසිදු කර දමා ලහි ලහියේ තම දරුවන්ගේ දහවල් ආහාරය සූදානම් කළාය.

                   ඉන්දිගේ මව්පියන් මෙම සම්බන්ධයට දැඩි ලෙස විරුද්ධ වුව ද ඇයගේ බලවත් ආයාචනය මත අකමැත්තෙන් වුව ද එයට අවසර දීමට ඔවුන්ට සිදුවිය.දෙපාර්ශවයේම ආශිර්වාදය මැද ඉන්දි ජයන්ත සමග එක වහලක් යටට වූයේ දහසකුත් බලාපොරොත්තු හදවතෙහි පුරවාගෙන ය. වසරක් පමණ සතුටින් ජීවත් වූ මේ කැදැල්ලට කන කොකා හැඬුවේ ජයන්ත පාප මිත්‍ර ඇසුරට වැටීමත් සමග ය.

                                                        *      *       *

                         " කවා....ලා.......විළඳ ජා...තී......
                            ඇති කළා..........රන් කූ....ඩුවේ   ගිරවා...."

                 ඉන්දි තම සත් මස් වූ දරු ගැබ ඔසවාගෙන  පැමීණ  දොර විවර කළේ  තම සැමියාගේ හඬ ඇසූ  නිසාවෙනි. නොසිතූ  පරිදි කඩා වැටුණු අකුණු පහරක ආලෝකයෙන් සඟයන් කීප දෙනෙකු සමග වැනි වැනී පැමිණෙන තම සැමියා දුටු ඇය ත්‍රස්ත විය.

                        "දෙයි හාමුදුරුවනේ.............ජයේ..ඔයා බීලා නේද?"

         ඉන්දි කෑ ගසමින් ගොස් තම සැමියා අල්ලා ගත්තා ය.

                            " අහකට වෙයං ගෑනියේ"

                           ජයන්ත තම බිරිඳ පසෙකට තල්ලුකර දැමුවේ තව දෙමසකින් දරැවකු මෙලොවට බිහි කිරීමට  සිටින මවක් ලෙසවත් නොසලකමිනි.ඉන්දි එම පහර දරාගත නොහැකි ව විසිවී ගොස් බිම ඇද වැටුණි.හිස ද අසළ වූ මේස කකුලක  වැදී ලේ බිඳු කීපයක් නළල දිගේ රූරා වැටෙන්නට විය.

                             අන්ධකාරයෙන් වෙලාගත් මුළු පරිසරයම නොනවත්වා නගන අකුණු පහරින් ගිගුරුම් දෙන්නට විය.අතරින් පතර වැටුණු වැසි පොද මොර සූරන වර්ෂාවක් බවට පරිවර්තනය වූයෙන් ඒ වනවිටත් උළු වහලයෙන් නැගුණු පිනි බිඳු දිය පහරක් වී සිමෙන්ති පොළව මතින් ගලා ගියේ කඩිමුඩියේ ගුල වෙත ඇදෙන කුහුඹු රැළක් මෙනි.

                              සෑම දිනකම මත්පැන් තොල ගාමින් නිවසට පැමිණීම ඔහුගේ දෛනික රාජකාරිය විය.හිත්පිත් නැති වූවකු මෙන් තම අහිංසක බිරිඳටත් හයක් හතරක් නොදත් දරුවාටත් තලා පෙළන්නට තරම් ඔහු අමනුෂ්‍යයකු විය.ජයන්තගේ ම කපාපු පලුවක් වූ කොලු පැටියා සිය පියාගේ හඬ ඇසුණු විගසම දිවගොස් මේසය යට ගුලි වී සිටියි.තම බිරිඳගේ කෙස් වැටියෙන් අල්ලා පහර දෙන විට ඇය නගන විලාපය ඇසී අසළ නිවැසියෝ ඇයව බේරා ගැනීමට මැදිහත් වන විට ජයන්ත එවුන් පන්නා දැමුවේ අමු තිත්ත කුණුහරප ද පවසමිනි.

                    "නොදකිං නොසණ්ඩාලයා.....ගිනි වතුර ගිලලා ඇවිත් අර අහිංසක ගෑනිව මරා ගන්න හදනවා"

                    ඉන්දිගේ සහායට පැමිණි කුසුමලතාත්, ලලිතාත්,සරණපාලත් ආපසු තම නිවෙස්වලට ඇදුණේ ජයන්තට දෙස් දෙවොල් කියමිනි.

                       "අනේ  අම්මේ.......... මගේ ඔළුව පුපුරන්න රිදෙනවා"

                      දිනක් ඉන්දි තම හිස තදින් බදා ගනිමින් ඇඳෙහිම වාඩි විය.ඇඳෙහි උඩුකුරුව වැතිර සිටි ජයන්ත අවදි වූයේ ඇයගේ විලාපය ඇසීය.ඔහු මෙලෙස තම බිරිඳ හැසිරෙනවා දුටු ප්‍රථම අවස්තාව නොවේ.මීට පෙර ද දෙවරක් මෙලෙසම ඇය හැසිරැණු අතර ඇතැම් අවස්ථාවක සිහිසුන්ව ද ඇද වැටුණි.බියට පත් ජයන්ත ඇයව වෛදයවරයකු වෙත කැඳවාගෙන ගිය අතර ඇය නැවතත් ගැබඅ ගෙන ඇති බව එහිදී සනාථ විය.එය ඇසූ ජයන්ත ඇය කැඳවාගෙන නිවසට පැමිණියේ දත්මිටි කමින් ගොරවමින් ය.

                 " දෙහ කපන්න කිය කියා කට්ටඩියා ළඟට ගිහිං තෝ ඕක ද කර ගත්තේ? "

                    ජයන්ත සිය ශක්තිමත් දකුණත ඉන්දිගේ මුහුණ හරහා යැවූයේ ඇය පොළව මතටම පතිත වන තරම් වේගයෙනි.

                      "දෙයියනේ........මොනවද මේ කියන පොළව නුහුලන කතා.ඒ මනුස්සයා රත්තරං වටින                                      මනුස්සයෙක්."

                        ඉනිදි තම දෑසින් නැගුණු කඳුළු කැට පිස දැමුවේ තමා හා කට්ටඩියා සම්බන්ධ කොට නගන බොරු චෝදනාවන්ට සාප කරමිනි. ඇය සිය පවුලේ වස් දොස් යන්නට දෙහි කප්පවා ගැනීම සඳහා වරක් කට්ටඩියා හමුවට යාම   පිළිබඳ ජයන්ත පසු වූයේ ද්වේෂයෙනි.ඇවිලෙන ගින්නට පිදුරු දමන්නට ඕනෑ තරම් සඟයන් ජයන්තට සිටියි.මහ හඬ තලමින් සිනාසෙමින් ,දත් විලිස්සමින් තම බේබදු සඟයන් පවසන මුසා බස් ඔහු පිළිගත්තේ සාදු සිතිනි. නිවසට ගොස් පිරිඳට පහර දෙමින් යකා නටන ජයන්ත දෙස බලමින් සිනාසෙන්නට තරම් ඔහුගේ කාලකණ්ණි බේබදු යහළුවෝ පහත් ආශාවන්ගෙන් යුතු වූහ.

                              " අනේ..........අර මිනිහා මගේ නංගිව මරාගෙන කන්න හදන්නේ...."

                          ඉනිදිගේ සොයුරිය අසීමිත වූ සහෝදර ප්‍රේමයෙන් ඇයව බේරා ගැනිමට තැත් කළ ද ජයන්ත ඔවුන් හට තම නිවසට නොපැමිණෙන ලෙස තර්ජනය කර තිබුණි.

                                 "අනේ අම්මේ.........මගේ ඔළුව"

                             දෙවනි දරුවා ද බිහි කර වසරකට ආසන්න වුව ද ඇයගේ හිසේ රුදාව සහ සිහිසුන් වීම අඩු වූයේ නැත.ඇය නිතර නිතර සිහිසුන් වී ඇද වැටෙන්නට පටන් ගත්තා ය.නමුත් ජයන්ත බේබද්දෙකු වී සිටියා මිස තම නිවැසියන් පිළිබඳ සොයා බැලුවේ ම නැත.ගම පුරාම ඇයගේ අසනිප වීම පිළිබඳ නොයෙක් අන්දමින් කට කතා පැතිර ගියේ අසුරු සැණිනි.

                        " අනේ අහංසක කෙල්ල.වැඩි වයසකුත් නෑ නෙව."

                        "අනේ මෙහෙමත් කරුමයක්.අර මිනිහා බීලා ඇවිත් ගෑනිට තඩිබාන විදිහට මෙහෙම හරි                                   ඉන්නවා පුදුමයක්."                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                        



















                      "සලා..........ං  "

                  තම බිළිඳා අතට ගන්නවාත් සමගම බත් පිඟාන බිම පතිත වන හඬ ඇගේ දෙසවනට යොමු වුව ද එම හඬ ඇයට දැන් නුහුරු නුපුරුදු නොවූවකි.තම බිළිඳා ඇකයෙහි හොවා ගනිමින් ලෑලි ඇඳ මත සුව නින්දක සිටින තම තෙහැවිරිදි වැඩිමහල් පුතු දෙස සෙනෙහෙබර බැල්මක් හෙළුවා ය.

                   ඉන්දි හා ජයන්ත විවාහ වූයේ මීට සිව් අවුරැද්දකට පෙර දී ය.ජයන්ත ඉන්දිට වඩා දස අවුරුද්දක් වැඩිමහල් විය. නමුත් එම වයස් පරතරය ඔවුන් දෙදෙනාගේ ආදරයට බාධාවක් නොවීය.දෙදෙනා හමුවූයේ මීට වසර අටකට ඉහත දී ය. තම වැඩිමහල් සොයුරියගේ නිවසට පැමිණි ඉන්දිට ජයන්තව මුල්ම වතාවට හමු විය.

                  දරුවන් තිදෙනෙකුගෙන් සමන්විත පවුලේ බඩපිස්සා වූ ජයන්ත උසට සරිලන දේහයක් හිමි  කඩවසම් තරුණයෙකි.- ඉන්දි ද කාන්තාවකට තිබිය යුතු මනා අඟපසඟකින් යුත් දුටුවන්ගේ ආකර්ෂණය හිමි වන පැඟිරි වියේ පසු වූ යුවතියකි.ඇයගේ දෙමව්පියන් ඇයට පෞද්ගලික ආයතනයක රැකියාවක නිරත වන තරුණයකු යෝජනා කර තිබුණ ද ඇය එම යෝජනාව ප්‍රතික්ෂේප කළේ ඒ වනවිටත් ඇයගේ සිත්ගත් කුමරාට  තම කුළුඳුල් ප්‍රේමය පූජාකර තිබූ බැවිනි.නිවැසියන්ට හොරා දළුලා වැඩෙමින් තිබූ මෙම ප්‍රේම සබඳතාව කල්ගත වන විට කාටත් රහසක් නොවීය.

                       "අනේ පුතේ.... උඹට ඒ මනුස්සයා ගැළපෙන්නේ නෑ.ඌ මහ නාහෙට අහන්නැති එකා."